පෙබරවාරි මස රාත්රී අහසේ දිස්වන ග්රහලෝක
පෙබරවාරි මාසයේ රාත්රී අහසේ පියවි ඇසින් දැකීමට හැකිවන ග්රහලෝක ත්රිත්වයක් තිබේ.
- සිකුරු
- බ්රහස්පති
- අගහරු
යනු එම ග්රහලෝක ත්රිත්වයයි.
 |
| සිකුරු හා අඟහරු ග්රහයන්ගේ පිහිටීම |
මෙහිදී
සිකුරු හා අගහරු යන ග්රහලෝක ද්විත්වය රාත්රී 7.00 සිට 8.00 පමණ දක්වා වූ කාලය තුල බටහිර අහසේ ක්ෂිතිජයට ආසන්නයෙන් දැකිය හැක. දීප්තිමත් නිල් පැහැයකට හුරු පැහැයකින් සිකුරු ග්රහලොව දිස්වෙන අතර ගඩොල් රතු පැහැයකින් ඊට ආසන්නයෙන්ම අඟහරු ග්රහලෝකය දක්නට ලැබේ.
 |
| බ්රහස්පති ග්රහයාගේ පිහිටීම |
නැගෙනහිර අහසේ කටක රාශිය ආසන්නයෙන් දීප්තිමත් කහ පැහැයකින් බ්රහස්පති ග්රහලෝකය නිරීක්ෂණය කිරීමට හැකිය
No comments:
Post a Comment